SLT රු. බිලියන 5ක ණයකර නිකුතුවකට සැරසෙයි

2018-01-02 11:19:00       91
feature-top
මෙරට කීර්තිමත් සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ටෙලිකොම් සහ තොරතුරු තාක්‍ෂණ මෙහෙයුම් සේවා ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගත් ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී (SLT) සමාගමේ රුපියල් බිලියන 5ක ලැයිස්තුගත ණයකර නිකුතුවක් සඳහා එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කළ බව එම ආයතනය නිවේදනය කරයි.

නියාමට අනුමැතියන්ට යටත්ව අධි ඉල්ලූමක් සඳහා තවත් රුපියල් බිලියන 2ක ණයකර නිකුත් කිරීමට SLT ආයතනය සූදානමින් සිටියි.

SLT යනු කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් ජීවනරටා සැපයුම්කරු ලෙසින් හඬ, දත්ත, අන්තර්ජාලය, ගෝලීය සබැඳුම්, රූපවාහිනී, අධ්‍යාපන සහ අදාළ තවත් සේවා සමගින් දැවැන්ත පරාසයක සේවාවන් මෙරටට පිරිනමයි.

වෙළෙඳපොල තරගාකාරීත්වය මෙන්ම වෙළඳපොළ අභියෝගාත්මක පරිසරයන් මධ්‍යයේ වුව 2016 වසරේදී ටෙලිකොම් සමූහයේ පිරිවැටුම රුපියල් බිලියන 74ක් විය. එසේම එම වසරේ සමාගමේ වත්කම රුපියල් බිලියන 143ක් ලෙසින් සඳහන් වේ.

මෙසේ ණයකර නිකුතුවේ ඉපැයුම් IPTV, FTTH දත්ත මධ්‍යස්ථාන, ගෝලීය සබැඳුම් ආදිය වෙනුවෙන් හෙවත් එහි සේවා ව්‍යාප්තීන් වෙනුවෙන් ආයෝජනය කිරීම සහ දිගුකාලීන ණය කල්පිරීමේ පැතිකඩ වර්ධනය කිරීම සමාගමේ අපේක්‍ෂාව වී තිබේ.


(under the courtesy of srilankamirror.lk news web)

More News »