විරෝධතාව ගැටුම් දක්වා වර්ධනය වෙලා

2017-12-31 03:04:00       556
feature-top
ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන විරෝධතා ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ.

ටෙහෙරාන් අගනුවර තෙවන දිනටත් විරෝධතාකරුවන් රැඳී සිටින බව වාර්තා වෙයි.
ඔවුන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් ද හටගෙන තිබේ.

ජීවන වියදම් ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් රජයට විරෝධය පල කරමින් විශාල පිරිසක් ටෙහෙරාන් නුවරට එක්ව සිටින බව වාර්තා වෙයි.

පුද්ගලයන් එක්රැස්වීම නීති විරෝධී බවට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා කළ අනතුරු ඇඟවීම් ද නොතකා විරෝධතා පැවැත්වෙයි.

(under the courtesy of adaderana.lk news web)

More News »