සුජීට හා මධුෂ්ට ජාත්‍යන්තර රතු නිල් නිවේදන !

2017-12-24 10:29:00       813
feature-top
මිනිස් ඝාතන, මතද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සංවිධානාත්මක අපරාධාවලට සම්බන්ධ ප්‍රබල පාතාල නායකයින් දෙදෙනෙකු වන මාකදුරේ මධුෂ් හා කොස්ගොඩ සුජිත් හට ජාත්‍යන්තර පොලිසියේ (Interpol) රතු නිවේදන (Red Notice) හා නිල් නිවේදන (Blue Notic) නිකුත්කර ඇති බව ජාත්‍යන්තර පොලිසිය මෙරටට නිල වශයෙන් දැනුම්දී ඇතැයි වාර්තා වේ.
ගජමුණි සුජීව ද සිල්වා හෙවත් කොස්ගොජ සුජීට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇත්තේ මිනීමැරුම් චෝදනා ඇතුළු අපරාධ කිහිපයකටය.

සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ්ට නිල් නිවේදන නිකුත් කර ඇත්තේ දැනට අපරාධ වාර්තාවන් ගොනුකරමින් රතු නිවේදනනය නිකුත්කරන තෙක්ය.

මෙතෙක් Red Notice ඇත්තේ අපරාධකාරුවන් දෙකකටයි !

අදාළ නිවේදන නිකුත් කර ඇත්තේ පොලිස් විශේෂකාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකවන සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය යොදවා පොලිස් අපරාධ ලේඛනාගාරය වෙත පාතාල කණ්ඩායම් 25ක පමණ තොරතුරු හා සාක්ෂි රහස් පොලිසියේ අන්තර් ජාතික පොලිස් ඒකකය මාර්ගයෙන් ජාත්‍යන්තර පොලිසියට යොමු කිරීමෙන් පසුවය.

ශ්‍රී ලංකාව විසින් මෙතෙක් රතු නිවේදන නිකුත්කර ඇත්තේ ඇන්තනි එමිල් ලක්ෂ්මී කාන්තන් හා මුන්නසාමි තරමයිලන් නැමැති අයතුට පමණි.

ඔවුන්ට අමතරව ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකුට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇතත් ඔවුන්ට රතු නිවේදන නිකුත් කර ඇත්තේ ඉන්දියාව හා අනෙක් රටවල් විසින් සපයන ලද අපාරධ තොරතුරු අනුවය.

පාතාලයෝ ඇල්ලීම පුංචි ඡන්දයට පෙර

මධුෂ් හා සුජී ඇල්ලීම එළඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර සිදු කිරීමට ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ එම මැතිවරණය සාමකාමී අයුරින් පැවැත්වීම සඳහාය.

(under the courtesy of srilankamirror.lk news web)

More News »