තේ අර්බුදයට පිළියම් හොයන්න පිරිසක් රුසියා යයි

2017-12-24 10:11:00       750
feature-top
රුසියාව විසින් මෙරටට පනවා ඇති තේ මිලදී ගැනීමේ තහනම සම්බන්ධයෙන් එරට රජයේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වෙයි.

ඒ සඳහා මෙරට විශේෂ නියෝජිතයන් පිරිස හෙට (24) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව,ඇතුළු ආයතන ද නියෝජනය කරමින් විශේෂඥයින් පිරිසක් මේ සඳහා සහභාගී වෙයි.

මේ අතර මේ සතියේ පැවති ජාත්‍යන්තර තේ වෙන්දේසියේ දී ශ්‍රී ලංකා තේ සඳහා ඉහළ මිලක් ලැබුණු බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය ප්‍රකාශ කළේය.

 වාර්ෂිකව ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් කෝටි 30ක් පමණ රටවල් 140ක් වෙත අපනයන කෙරෙයි.

 එමඟින් ජාතික ආදායමට වාර්ෂිකව රුපියල් කෝටි 24,000ක් පමණ හිමි වෙයි.

 රුසියාව සහ ඉරානය ශ්‍රී ලංකාවේ තේ වැඩි වශයෙන් මිලදී ගන්නා රටවල් ලෙසයි සැලකෙයි.


(under the courtesy of adaderana.lk news web)

More News »