ඉන්දීය කණ්ඩායමට ලකුණු 88ක ජයක්

2017-12-23 09:34:00       707
feature-top
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන 20යි 20 ක්‍රිකට් තරඟයේ ලකුණු 88ක ජයක් හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පපහරදීමේ වාරය ඉන්දීය කණ්ඩායමට ලබාදුනි.

නියමිත පන්දුවාර 20 අවසානයේ ඉන්දියානුවන් කඩුලු 05ක් දැවී ලකුණු 260ක් රැස් කළේය.

රෝහිත් ෂර්මා පන්දු 43කදී ලකුණු 118ක් ද, ලෝකේෂ් රාහුල් පන්දු 49කදී ලකුණු 89ක් ද රැස් කළේය.

පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා කඩුලු 02 බැඟින් දවාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 17යි පන්දු 02කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 172ක් පමණි.

කුසල් පෙරේරා ලකුණු 77යි.

උපුල් තරංග ලකුණු 47යි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් යුෂ්වේන්ද්රල චහාල් කඩුලු 04ක් ද, කුල්දීප් යාදෙව් කඩුලු 03ක් ද දවාගත්තේය.

තරඟ තුනකින් යුතු දෙරට අතර 20යි 20 තරඟාවලියේ 02ට බින්දුවක් ලෙස ජය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »