කොළඹ වරාය නගරය තුල අලුතින්ම කරන්න යනදේට අනුමැතිය හිමිවෙයි. China Harbor එක්ක ගිවිසුමකටත් අනුමැතිය..

2017-12-21 02:15:00       686
feature-top
පසුගිය කාලය පුරාම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබුණු කොළඹ වරාය නගරය තුල කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම සඳහා ඉදිරිපත් කල යෝජනාව අනුමත වී තිබෙනවා.

මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1ක් පමණ  ආයෝජනය කරන අතර, ඍජු විදේශ ආයෝජනයක් වශයෙන් මෙම මුදල ලබාගැනීමට හැකිවන පරිදි, China Harbor  Engineering Corporation, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ සීමාසහිත CHEC කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටද කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

මේ වන විට කොළඹ වරාය නගරයේ  මුහුදු පතුල ගොඩ කිරීමේ කටයුතුවලින් 50% ක් පමණ අවසන් කර තිබෙන අතර ජාත්‍යන්තර මූල්‍ය නගර ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම 2018 වර්ෂයේ අග භාගයේදී සිදු කිරීමටයි රජය සැළසුම් කර තිබෙන්නේ.
(under the courtesy of nethnews.lk news web)

More News »