තේ තහනමට බලපෑ තවත් හේතුවක් මතුවෙයි

2017-12-21 02:00:00       681
feature-top
රුසියාව මෙරට තේ වලට පැනවූ තහනමට එකම හේතුව මෙරට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටෝස් තහනම නොවන බව ප‍්‍රවිණ දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු ඒ පිලිබඳ අදහස් දැක්වුවා.

එහිදී සඳහන් කෙරුණේ "මගේ විශ්වාසය තියෙන්නේ ඇස්බැස්ටෝස් තහනම සහ රුසියාවට යැවූ තේ තොගය අතර සම්බන්ධතාවයට වඩා වැඩි ගැටලුවක් මෙතන ඇති බවයි. එහෙම ප්‍රශ්නයක් තිබ්බා නම් එය විසඳා ගැනීමට සුදුසු වෙනත් රාජතාන්ත්‍රික ක්‍රමවේද තිබුණා. නමුත් මම හිතන්නේ.. ශ්‍රී ලංකාව කලක සිට අනුගමනය කරන පිළිවෙත මෙයට බලපාන්නට ඇති කියා..මොකද මේ වන විට ඉන්දියන් සාගරයේ විශාල බල තරගයක් උත්සන්න වෙමින් තිබෙනවා.. මේ බල තරගයේදී ශ්‍රී ලංකාව රටේ හැකියාව ගැන කිසිඳු තක්සේරුවක් නැතුව බටහිර කඳවුර සමග තමයි ඉන්නේ.." යනුවෙනි. 

(under the courtesy of nethnews.lk news web)

More News »