වීදි කලාකරුවන්ගේ ඉල්ලීම ජනපති අතින් ඉටුවෙයි
2017-12-21 01:42:00  ★ 684

ස්වෝත්සාහයෙන් නැගී සිටීමට වෙර දරන වීදි කලාකරුවන්ට ශක්තියක් සපයමින් හා නිසි ගෞරවයක් ලබාදෙමින් කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ ඉදිකළ විවෘත ප්‍රදර්ශන පුවරු එම කලාකරුවන් වෙත භාරදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කර තිබේ.
ඊයේ (20) පස්වරුවේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, කොළඹ නගර සභාව සහ ”අවකාශයේ අපි” වීදි කලාකරුවන්ගේ සංගමය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එක් එක් කලාකරුවා වෙනුවෙන් ඉදිකර තිබූ විවෘත ප්‍රදර්ශන පුවරු නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා අනතුරුව උත්සව සභාවට එක් විය.
එම සංගමයේ ලක්ෂ්මන් දිසානායක කලාකරුවා විසින් ලී පිළිස්සුම් කලාවෙන් චිත්‍රයට නගා තිබූ ජනාධිපතිතුමාගේ රුව ඇතුළත් චිත්‍රයක් මෙහිදී එම සංගමයේ සභාපති ඒ.සී. නුවන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
වීදි කලාකරුවන් පිළිබඳව සම්පාදන කළ ග්රන්ථයක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් මල්රාජ් බී. කිරිඇල්ල මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද සිදු කෙරිණි.
මේ අවස්ථාවට අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, මහවැලි අධ්යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න යන මහත්වරුන් සහ විදෙස් තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් එක්ව සිටියේය.
(under the courtesy of adaderana.lk news web)

අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්‍රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com