නාඩු සහල් සඳහා 74ක පාලන මිලක්

2017-12-21 09:38:00       280
feature-top
නාඩු සහල් සදහා රුපියල් 74ක පාලන මිලක් පැනවීමට ඊයේ (19) රැස්වූ ජීවන වියදම් අනුකමිටුව තීරණය කර තිබෙනවා.

උත්සව සමයේ ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළේ.

මේ අතර, අනෙක් සහල් වර්ගවල මිල ගණන් දිස්ත්‍රික් මට්ටමෙන් සංසන්දනය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජීවන වියදම් අනුකමිටුව පාරිභෝගික සේවා අධිකාරිය වෙත දැනුම්දී ඇති බවද වාර්තා වනවා.



(under the courtesy of hirunews.lk news web)

More News »