ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට අද ඓතිහාසික දවසක්

2017-12-20 10:04:00       708
feature-top
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට අද (20) තවත් ඓතිහාසික දවසක්.
ඒ, ශ‍්‍රී ලංකාව තමන් සහභාගී වන සියවන පන්දුවාර 20 තරගයට අද සහභාගී වීම හේතුවෙන්. මේ දක්වා පන්දුවාර 20 තරග 100ක් ක‍්‍රීඩා කර ඇත්තේ නවසීලන්තය, පකිස්තානය සහ දකුණු අප‍්‍රිකාව පමණයි. 

මෙම ඓතිහාසික තරගයේ දී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිවාදියා වන්නේ ඉන්දියාවයි. 

ශ‍්‍රී ලංකා සහ ඉන්දියා පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලියට තරග 03ක් ඇතුළත්. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති තරග 11න් 07ක්ම ජයගෙන ඇත්තේ ඉන්දියාවයි. ශ‍්‍රී ලංකාව ජයගෙන ඇති තරග සංඛ්‍යාව 04ක්. 

ශ‍්‍රී ලංකාව මෙම තරගයට පෙර සහභාගී වූ පන්දුවාර 20 තරග 05ම පරාජයට පත්වී තිබෙනවා. මෙම වසර තුළ ශ‍්‍රී ලංකාව සහභාගී වූ තරග 12කදී පරාජයට පත් වී ඇති තරග සංඛ්‍යාව 07ක්.

කෙසේ වෙතත් මෙම වසර තුළ ඉන්දියාව සිය රටේදී කිසිදු තරගාවලියක් පරාජයට පත් නොවීම ද ශ‍්‍රී ලංකා කණ්ඩායමට තවත් අභියෝගයක් වනු ඇති. තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

More News »