අළුබදුනට වර්ෂාවෙන් බාධා

2017-12-18 12:21:00       715
feature-top
අළුබදුන ශූරතා තරඟාවලියේ තුන්වන තරඟයේ අවසන් දිනය වර්ෂාව හේතුවෙන් මෙතෙක් ආරම්භ කිරීමට හැකියාව ලැබී නොමැති බව වාර්තා වෙයි.

ඊයේ දිනයේදී ද තරඟය නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදු වුණි.

මෙම තරඟයේදී ඔස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා කඩුලු 09ක් දැවී ලබාගත් ලකුණූ 662කට පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 403ක් සහ දෙවන ඉනිමේදී කඩුලු 04කට ලකුණූ 132ක් ලබා සිටියි.

ඒ අනුව එංගලන්තය ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 127ක් පසුපසින් සිටියි.

(under the courtesy of adaderana.lk news web)

More News »