නැගලා බහින නඩ සූර් කරන්න ගිය උන්ට සමන් දෙවි කරුණාව නැති වෙයි

2017-12-12 05:11:00       682
feature-top
ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ විමෙන් පසු ශ්‍රි පාද වන්දනාවේ කේරල ගංජා හා හෙරොයින් මත්කුඩු ලඟ තබාගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි සැකකරුවන් නව දෙනෙකු නල්ලතන්නියේදි අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධීපති පොලිස් පරික්‍ෂක ලක්සිරි ප‍්‍රනාන්දු මහතා පැවසීය.

එම සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගත් නිසා එම චුදිතයන්ට රුපියල් හතලිස් දෙදහස දඩ නියම කර තිබේ.

ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන අය අත්අඩංගුවට ගැනිම සඳහා දිවා රාති‍්‍ර දෙකෙහිම සිවිල් ඇදුමින් සහ නිල ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරින් ගණනාවක් රාජකාරියේ යොදවා ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය.

නල්ලතන්නියේ මහජන ඇමතුම් සේවාව මගින් මත්ද්‍රව්‍ය රැගෙන නොයෙන ලෙසට වන්දනාකරුවන් දැනුවත් කිරිමටද පොලිසිය මගින් පියවර ගෙන ඇති අතර පරිසරය රැක ගැනිම සඳහා ජනතාව දැනුවත් කිරිමට නල්ලතන්නිය පොලිසියේ පරිසර ඒකකය සහ අඹගමුව ප‍්‍රාදේශිය සභාව එක්ව විශේෂ වැඩ සටහනක්ද දියත් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇත.

අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් තරුණ වියේ පසුවන අය බවත් ඔවුන් හොරණ, කොලොන්නාව, පානදුර සහ ගම්පහ යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »