දුම්රිය වර්ජනයට විසඳුම් සෙවීමට ඇමැති අනුකමිටුවක්

2017-12-12 05:08:00       658
feature-top
දුම්රිය වෘත්තීය සමිති විසින් දින 5ක් තිස්සේ පවත්වාගෙන යන දුම්රිය වැඩ වර්ජනයට තුඩු දී ඇති ඉල්ලිම් ගැන සොයාබලා ඒ පිළිබඳව ගතහැකි ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් සිව්දෙනෙකුගෙන් යුත් කොමිටියක් පත් කොට ඇත.

මෙම කොමිටිය පත් කොට ඇත්තේ අද (12) පැවැති කැබිනට් රැස්වීමේ දීය.  විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කොමිටියේ සෙසු සාමාජිකයන් වන්නේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න සහ රාජ්‍ය පරිපාලන ඇමැති රන්ජිත් මද්දුම බණ්ඩාර වන මහත්වරුන්ය.

(under the courtesy of news.lk news web)

More News »