මොරගහකන්ද නිසා ගොවීන් උද්ඝෝෂණයේ

2017-12-12 05:03:00       553
feature-top
මොරගහකන්ද ජලාශයට යටවන නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කොන්ගහවෙල ග‍්‍රාම නිලධාරී වසමේ රජාවෙල ගම්මානයේ පවුල් 321 කට අයත් ගොවින් පිරිසක් නාඋල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය අසල දී අද (12) උදඝෝෂනයක නිරත විය.

සිය ඉඩම් වලට සරිලන වන්දි මුදලක් ලබානොදීම හා අඳ ගොවින්ගේ හා සින්නක්කර කුඹුරු හිමිකරුවන්ගේ ඉඩම් සඳහා මේ වන තෙන් විකල්ප ඉඩම් ලබානොදීම යන කරුණු මුල්කර ගනිමින් උද්ඝෝෂකයෝ පැයකට ආසන්න කාලයක් ව්රෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් උද්ඝෝනයේ නිරත වූහ.

මොරගහකන්ද ජන අයීතීන් සුරැකීමේ සංවිධානය සහ නාඋල ජන අයීතින් සුරැකීමේ සංවිධානය උද්ඝෝෂනය සංවිධාන කර තිබිණි.

මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ උද්ඝෝෂනය හේතුවෙන් රථ වාහන ගමනාගමන එක් මන් තීරූවකට සීමා වූ අතර නාඋල පොලිස්ථානයේ නිලධාරීන් විසින් එම තත්ත්වය පාලනය කර තිබේ.

උද්ඝෝෂකයින්ගෙන් පිරිසක් හා ව්‍යාපෘතියේ නියොජ්‍ය අධ්‍යක්ෂ සහ සහකාර පොලිස් අධිකාරි ගාමිණි මීගහකුඹුර මහතා ඇතුළු මොරගහකන්ද ව්‍යාපෘති නිලධාරීන් සමඟ නාඋල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පසුව සාකච්ඡාවක් පැවැත් විය.

එහිදි උද්ඝෝෂකයින් කියා සිටියේ මොරගහකන්ද ජලාශය ඉදිවීම පිළිබඳ තමන්ට ගැටළුවක් නොමැති බවත් ජලාශයට යටවන පුද්ගලයින්ගේ ඉඩම්වලට සාධාරණය ඉටුවිය යුතු බවයි.

පැයකට ආසන්න කාලයක් පැවති සාකච්ඡා වලින් අනතුරුව මොරහකන්ද ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඞී.බී.විජේරත්න මහතාගේ අත්සනින් යුතු ලිපියක් උද්ඝෝශකයින්ට ලබාදී  තිබේ.

ලබන විසිදෙවැනිදාට පෙර  මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් හා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා සමඟ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන බව පැවසීමෙන් පසුව උද්ඝෝෂණය නිමාවට පත් වී තිබේ.


(under the courtesy of adaderana.lk news web)

More News »