මිද්දෙණියේ වෙඩි තැබීමකින් 27 හැවිරිදි තරුණයෙකු මරුට

2017-12-12 05:01:00       657
feature-top
මිද්දෙණිය පොලිස් වසමේ කාරියමඩිත්ත ප්‍රදේශයේදී අද පෙරවරු 7 ට පමණ පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.

මෙම වෙඩි තැබීමට ලක්ව ඇත්තේ කාරියමඩිත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.

අප වාර්තාකරු පැවසුවේ ඔහු මාර්ගයේ ගමන් කරමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු වෙඩි තබා ඇති බව ය.

තරුණයා කාරියමඩිත්ත ප්‍රදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට යවා තිබේ.

පොලීසිය පැවසුවේ ඇඹිලිපිටිය මූලික රෝහලේදී ඔහු සැත්කම සිදුකර ඇති බව ය.

පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම කර ඇතැයි පොලිසිය සැක පල කරන අතර මිද්දෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

(පුවත් අනුග්‍රහය අද‍දෙරන ‍වෙබ් අඩවිය)

More News »