13 හැවිරිදි දියණිය එක්ක එකතු වෙලා අම්මා ඇඟ විකුණලා- දැරිය රූම් එකට ගෙනියද්දී පොලිස් දැලේ පැටලෙයි.

2017-12-12 04:53:00       681
feature-top
සිය දහතුන් හැවිරිදි දියණිය සමග ගණිකා වෘත්තියේ නියැලුණු බවට සැකපිට ලග්ගල ප්‍රදේශයේ මවක් හා බාල වයස්කාර දැරියගේ පහස සොයා පැමිණි අයකු අද (12) අත්අඩංගුවට ගෙන ඇත. 

දහතුන් හැවිරිදි දියණියක මේ ආකාරයෙන් සිය මව සමග ගණිකා වෘත්තියේ නියැලෙන බව ප්‍රදේශවාසීන් විසින් පොලීසියට දැනුම් දීමෙන් පසු ලග්ගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව සූක්ෂ්ම ලෙස පරීක්ෂණයක් පවත්වා තිබේ.

ඒ අනුව දහතුන් හැවිරිදි දියණිය නාවුල ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කොට එම පුද්ගලයා දඹුල්ල ඉබ්බන් කටුව වැව මාර්ගයේ නිවාඩු නිකේතනයකට රැගෙන ගොස් සිටියදී පොලිස් කණ්ඩායම විසින් වටලා පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

බාලවයස්කාර දැරියකට කාමර පහසුකම් ලබා දීම පිළිබඳව ලැඟුම් හල් හිමි කරුවත්  දියණිය ගණිකා වෘත්තියේ  යෙදවීම පිළිබඳව මවට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »