සියඹලාණ්ඩුවේදී පැන ගිය සිරකරු හොරණදී අත්අඩංගුවට

2017-12-12 03:57:00       657
feature-top
සියඹලාණ්ඩුව අධිකරණ පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පලා ගිය සිරකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, හොරණ පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත, සොරා ගන්නා ලද යතුරු පැදියක් සමග සිරකරු ඊයේ අත්අඩංගුවට ගත් බවයි.

මොහු, මොනරාගල, ඉඟිනියාගල, සියඹලාන්ඩුව, ඇතිමලේ, දඹගල්ල, බුත්තල, වැල්ලවාය, බිබිල, මැදගම, මහකළුගොල්ල යන පොලිස් වසම්වල විවිධ අපරාධ සම්බන්ධයෙන් නඩු 53ක් ඇති අයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිරකරු අද බණ්ඩාරගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »