4ක් එක්ක එකතු වී 4 දරු පියට මැරෙන්න ගහලා තොන්ඩා හැංගෙයි - වහාම අල්ලන්නැයි නියෝග

2017-12-11 05:05:00       682
feature-top
සිව්දරු පියකුට අමානුෂික ලෙස පහරදී  මරනාසන්න තත්ත්වයට පත්කර සැගව සිටින ජීවන් තෝන්ඩාමාන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අද(11) අධිකරණය නියෝග කර ඇත. 

ඊයේ (10) රාත්‍රියේ  මස් කෙලිය සාමිමලේ වතුයායේ අවමඟුල් නිවසකට ගිය අවස්තාවේ මධම පළාත් දෙමළ අධ්‍යාපන හා කෘෂිකර්ම අමාත්‍ය මරුද පාන්ඩි රමේෂ් සහ අඹගමුව ප්‍රා. සභාවේ හිටපු සභාපති වෙල්ලයන් දිනේෂ් සහ තවත් දෙදනකු සමග එකතු වී ජීවන් තෝන්ඩමාන් මෙම පහරදීම කර ඇත.

අවමඟුල් ගෙදරදී  ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් පුද්ගලයකු වට කරගෙන තොන්ඩමාන් ඇතුළු පිරිස පහර දී ඇති අතර බරපතල තුවාල ලැබූ පුද්ගලයා දික්ඔය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුගේ තත්ත්වය බරපතල බැවින් මහ නුවර මහ රෝහලට මාරු කර යවා ඇත.

මස්කෙලිය පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව  අද උදෑසන සැකකරුවන් හතරදෙනකු අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා ඉදිරියට පැමිණවීමෙන් අනතුරුව එක් අයකු රු. ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර ඇත. 
ලබන අප්‍රෙල් 8 වැනිදා වැඩි දුර නඩු විභාගය සඳහා සැකකරුවන්ට අධිකරණය ඉදිරියේ පෙනි සිටින්න මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර අධිකරණය මග හැර සැගව සිටින ජීවන් තොන්ඩමාන් අත්අඩගුවට ගන්නා ලෙස ද නියෝග කර ඇත.

ජීවන් තොන්ඩාමන් ලංකා වතු කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩාමාන්ගේ පුත්‍රයායි.

(under the courtesy of adaderana.lk news web)

More News »