ආරවුලක් දුරදිග යයි - බිරිඳ සහ නැන්දම්මාව කපා කොටා දැමූ සැමියෙක් ගෙළ වැළලා ගනී

2017-12-11 03:26:00       679
feature-top
කඩුවෙල, නවගමුව, ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිඳ හා නැන්දම්මා තියුණු අවියකින් කපා කොටා ඔහු ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.

අද(11) පෙරවරුවේ නිවසේ දී බිරිඳ හා නැන්දම්මා සමග ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් 40 හැවිරිදි මෙම පුද්ගලයා තියුණු අවියකින් බිරිඳ හා නැන්දම්මා එලෙස බරපතල ලෙස කපාකොටා තුවාල සිදු කර ඇත.

තුවාලකරුවන්ගේ සිරුරුවල සෑම ස්ථානයකම පාහේ කැපුම් තුවාල ඇති බව වාර්තා වේ.

සැකකරු රියදුරු රැකියාව කරන අතර සිද්ධිය වනවිට 07 හැවිරිදි ඔහුගේ දරුවා ද නිවසේ හිඳ තිබේ. දරුවාගේ කෑ ගැසීම ඇසී අසල්වාසීන් එනවිටත් මෙම පුද්ගලයා ගෙල වැළලාගෙන මියගොස් සිටි බව වාර්තා වේ.

බිරිඳ හා ඇයගේ මව රෝහල්ගත කර ඇති අතර නිවසට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.


(under the courtesy of hitnews.lk news web)

More News »