එක්සත් රාජධානියට අධික හිමපතනයක්

2017-12-11 02:39:00       680
feature-top
අධික හිමපතනය හේතුවෙන් එක්සත් රාජධානියේ ඇතැම් ප්‍රදේශවලට කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව  ඊයේ (10) එක්සත් රාජධානියට වාර්තාවූ වැඩිම හිමපතනය වේල්සයේ බ්‍රේකන් ආසන්න සෙනිබ්‍රිජ් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.  ඒ සෙන්ටිමීටර් 30 ක පමණ හිමපතනයකි

මේ හේතුවෙන් ගුවන්ගමන්, දුම්රිය ගමන් සහ මාර්ග ප්‍ර‍වාහන කටයුතුවලට ප්‍රමාද සිදුවිය හැකි අතර ගුවන් ධාවනපථ කිහිපයක් ද අවහිර වී ඇතැයි වාර්තා වේ.

ඩෙවෝන් සහ කෝන්වෝල් ප්‍රදේශවල පැයට සැතපුම් 70කට වඩා වැඩි වේගයකින් සුළං හමා යන අතර ඉංග්‍රීසි ඕඩයෙහි එය පැයට සැතපුම් 90ක පමණ වේගයක් වන බව බීබීසී කාලගුණ සේවය වාර්තා කරයි.
(under the courtesy of hitnews.lk news web)

More News »