මස්‌සිනාගේ 'වන්ෂොට්‌' පොරෝ පහරින් නෑණා 'ඔන් ද ස්‌පොට්‌' මියයයි

2017-12-11 12:36:00       681
feature-top
මස්‌සිනාගේ සහ අක්‌කාගේ රණ්‌ඩු බේරන්න ගිය නෑණාට මස්‌සිනා විසින් එල්ල කළ පොරෝ පහරකින් නෑණා එම ස්‌ථානයේදීම මරණයට පත්වී ඇත. 
 
 මෙසේ මරණයට පත්වී ඇත්තේ දීවෙල අංක 129 නාමල්ගම පදිංචිව සිටි හතුරුසිංහගේ ප්‍රියන්ති කුමාරි හතුරුසිංහ නම් 32 හැවිරිදි විවාහක කාන්තාවකි.
 
 ඊයේ (10 දා) උදේ තම බිරිඳ සමඟ බහින්බස්‌වීමක්‌ රණ්‌ඩුවක්‌ බවට පත්වීමෙන් පසු රණ්‌ඩුව බේරීම සඳහා එම ස්‌ථානයට ගිය නෑණාට මස්‌සිනා විසින් පොරවකින් පහර දී ඇත. ඉන් ඇය බරපතළ තුවාල ලබා එම ස්‌ථානයේදීම මියගොස්‌ ඇති බවට කෑගල්ල පොලිසිය පැවසීය.
 
 මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා කෑගල්ල මහ රෝහල වෙත ගෙනගොස්‌ ඇති අතර මරණ පරීක්‍ෂණය අද (11 වැනිදා) පැවැත්වීමට නියමිතය.
 
 කෑගල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පලාගොස්‌ ඇති සැකකරු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

courtesy : divaina.com

More News »