පැය 15 ක් වතුර කපන තැන් මෙන්න

2017-12-09 01:49:00       682
feature-top
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් රාජගිරිය සහ අවට ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 අද පස්වරු 2.00 සිට හෙට අලුයම 5.00 දක්වා පැය 15ක කාලයක් මෙම ජල සැපයුම අත්හිටුවන බව  එම මණ්ඩලය සඳහන් කළේය.

 ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ග සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »