දළ පූට්‌ටුවාගේ 'ඝාතකයින්ට' ඉල්ලන දඬුවම මෙන්න

2017-12-07 01:58:00       260
feature-top
ජාවාරම්කරුවන්ට බිලිවෙන අලි ඇතුන් බේරාගැනීමට නම් දළපූට්‌ටුවාගේ ඝාතකයින්ට මරණීය දණ්‌ඩනය ලබාදීම සිදු කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ  ඉතා ඉක්‌මණින් ඇත් ආරක්‌ෂක බළකායක්‌ ද පිහිටුවිය යුතු බවයි.

පවතින  නීති රීතිවලට අනුව අලි ඇතුන් මරණ පුද්ගලයන්ට හිමිවන්නේ කෙටි සිරදඬුවමක්‌ හා සුළු  දඩයක්‌ වන නිසා යළි නිදහස්‌වී නැවත එම වරදම කිරීමට ජාවාරම්කරුවන් පෙළෙඹෙන බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

ඉදිරියේදී  අලි ඇතුන් මරණයෙන් මුදා ගැනීමට රජය පියවර ගත යුතු බවද ඔහු අවධාරණය කරනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »