අත් පා වෙන වෙනම කාපා ඝාතනය කළ පුද්ගලයෙකුගේ හිසක් වැසිකිලියක තිබී හමුවෙයි

2017-12-06 05:19:00       737
feature-top
පල්ලෙබැද්ද දඹේතැන්න ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

කුරුඳු තැලීම සඳහා ඉදිකර තිබු තාවකාලික මඩුවක දී ඊයේ (05) රාත්‍රියේ මෙම ඝාතනය සිදු ව ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. එම පුද්ගලයාගේ අත් පා සහ හිස වෙන් කර ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

එහි කඳ කොටස තිබූ ස්ථානයට නුදුරින් වූ වැසිකිලියක තිබී හිස සොයාගෙන ඇති අතර, ඒ අවට ස්ථානයකින් පාදයක සහ අතක කොටස් ද සොයාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

ඔහු මීට දින කිහිපයකට පෙර තවත් දෙදෙනෙකු සමග කුරුඳු තැලීම සඳහා දඹේතැන්න ප්‍රදේශයට පැමිණ තිබේ.

ඝාතනය සිදු කළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට ගොඩකවෙල පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

(under the courtesy of hitnews.lk news web)

More News »