ගොඩකවෙල කුරුදු මඩුවකින් මළ සිරුරක් මතුවෙයි

2017-12-06 05:06:00       727
feature-top
ගොඩකවෙල, පල්ලේබැද්ද ප්‍රදේශයේ කුරුඳු වගාවක් පවත්වාගෙන ගිය ස්ථානයක තිබී තියුණු ආයුධවලින්පහර දී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත අදාළ ස්ථානයේ තාවකාලිකව ඉදිකර තිබූ මඩුවක් තුළ තිබී එම මළ සිරුර සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ කුරුඳු තැලීම සඳහා පැමිණ සිටි අහුන්ගල්ල, වනගල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අයෙකි.

ඝාතනය සිදුකළ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගොඩකවෙල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »