3 වන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

2017-12-06 04:20:00       712
feature-top
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර 3 වන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම 2 ඉනිම සඳහා කඩුළු 5ක් දැවී ලකුණු 299ක් ලබා සිටියා.

ඒවනවිට නිරෝෂන් දික්වැල්ල සහ රොෂේන් සිල්වා කඩුල්ලේ රැඳී සිටියා.

දිවා විවේකයට පෙර ශ්‍රී ලංකාව ලකුණු 291ක් පසුපසින්

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර 3 වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 4 ක් දැවී සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු සංඛ්‍යාව 119 රැස්කරගෙන සිටියා. ඒ අනුව ශී‍්‍ර ලංකාව තවත් කඩුළු 6 ක් අතැතිව ඉන්දියාවට වඩා ලකුණු 291 ක් පිටුපසින් සිටිනවා. 

නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 27 ක් සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 72 ක් රැස්කර ගනිමින් පන්දුවට පහර දෙමින් සිටිනවා. ධනංජය අද රැස් කළේ ඔහුගේ ටෙස්ට් දිවියේ 3 වන අර්ධ ශතකයයි.

දිනයේ පළමු කඩුල්ල ලෙස පළමු ඉනිමේදී ශතකයක් රැුස් කළ ඇන්ජලෝ මැතිව්ස් දැවි ගියා. ඒ, එක් ලකුණකටයි. 

(under the courtesy of nethnews.lk news web)

More News »