ලංවිමට සංගාගෙන් ‘හුක් ‘ පහරක් (PHOTOS)

2017-12-06 03:24:00       713
feature-top
කොළඹ ලංවිම කාර්යාල වලට ලබාදෙන දුරකතන ඇමතුම් සඳහා ඔවුන් පිළිතුරු නොදක්වන බව හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.

පසුගිය නොවැම්බර් 30දා සිය ට්විටර් ගිණුම හරහා ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණි

ශ්‍රී ලංකාවට පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී තිබුණි. මෙම විදුලිය විසන්ධි වූ පාරිභෝගිකයන් අතර කුමාර් සංගක්කාරද සිට ඇත.

එසේම ඔවුන්ව සම්බන්ධ කරගැනීම හැකිවූ අයෙක් සිටී දැයිද ඔහු ප්‍රශ්න කර තිබුණි. මේ සඳහා බොහෝ පිරිසක් ඔහුගේ ට්විටර් ගිණුම සමග අදහස් හුවමාරු කරගෙන තිබුණි.

කෙසේ වෙතත් සංගා සඳහන් කර තිබුණෙ නැවතත් දෙසැම්බර් 04 දා විදුලිය යථා තත්ත්වයට පත්ව තිබු බවයි. එසේම විදුලි බල මණ්ඩලයට සම්බන්ධ කර ගත් විට  ඔවුන් විශාල ඇමතුම් සංඛ්‍යාවකට ප්‍රතිචාර දැක්වූ බව ප්‍රකාශ කළ බවද ඔහු පවසයි.

විදුලිය යථා තත්ත්වයට පත්කිරීම පිළිබඳව ඔහු සිය ස්තූතිය ප්‍රකාශ කර තිබුණි.

(under the courtesy of nethgossip.lk news web)


More News »