නව ව්‍යවස්ථාව පරාජය කිරිමට නිදහස් පාක්ෂිකයන් පෙරට පැමිණිය යුතුයි - ගෝඨාභය රාජපක්ෂ කියයි

2017-12-06 07:10:00       714
feature-top
නව ව්‍යවස්ථාව පරාජය කිරිම සදහා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් පෙරමුණ ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති සම්මත්‍රණයකට එක් වෙමින්  ගෝඨාභය රාජපක්ෂ මහතා  මේ බව ප්‍රකාශ කළේය.

බලය බෙදීමක් ගැන කතා කරන්නේ වෙනත් රාජ්‍යක් ඇති කිරීමට බවත් එක් ප්‍රදේශයකට පමණක් බලය බෙදීම තුළින් දෙමළ ජනතාවගේ ගැටලුවට විසදුමක් ලැබෙන්නේ කෙසේදැයි ගැටලුවක් පවතින බව ඔහු ප්‍රකාශ කළේය.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ පරාජය නොකළ හොත් රටට දැඩි අභියෝගිකාරි තත්ත්වයන්ට මුහුණුදීමට සිදු වනු ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »