කුඩම්මාගේ සැලකිල්ලෙන් හොංකොං ගිය දරුවෝ ලක්මව රනින් සරසති

2017-12-05 05:09:00       729
feature-top
ආසියානු රට හරහා දිවීමේ පාසල් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට දක්ෂතා දක්වමින් ලක්මාතාව රනින් බැබලවීමට සමත්විය.

හොංකොංහි පැවැති තරගාවලියට සහභාගීවීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුග්‍රහය නොලැබුණු බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් ගුවන් ප්‍රවේශපත් ලබා දී තිබේ.

කෙසේ වෙතත් දුෂ්කරතා මධ්‍යයේ සහභාගීවූ, එම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහි දී සමස්ත කණ්ඩායම් රන් පදක්කම මෙන්ම බාලිකා හා බාලක කණ්ඩායම් පදක්කම් ද දිනා ගැනීමට සමත්විය.

එසේම බාලිකා ඒකල තරගයේදී චාමිනී හේරත් ක්‍රීඩිකාව රන් පදක්කම දිනාගත්තාය.

සමස්ත බාලිකා කණ්ඩායම් රන් පදක්කම දිනාගත් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පළමු, දෙවැනි, තුන්වැනි, සිව්වැනි, 7 වැනි හා 17 වැනි ස්ථාන හිමිකරගත්තාය.

බාලක අංශයෙන් කණ්ඩායම් රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයන් තුන්වැනි, සිව්වැනි, හයවැනි, අටවැනි, 12 වැනි හා 17 වැනි ස්ථාන හිමිකරගත්තේය.

මෙම කණ්ඩායමේ බහුතරයක් වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයක් විය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »