සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවට පාරිභෝගිකයින්ගෙන් චෝදනා

2017-12-05 05:04:00       717
feature-top
වෙළෙඳපොළේ සහල් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
සහල් වෙළෙඳුන් පෙන්වා දෙන්නේ, මාස 03ක පමණ කාලයක සිට මෙම මිල ඉහළ යාම වාර්තා වන බව ය.

සහල් මිල ගණන් සොයා බැලීම සඳහා නිව්ස්ෆස්ට් අද සහල් වෙළෙඳපොළේ සංචාරය කළේ ය.

එහිදී අපිට දක්නට ලැබුණේ, මිල ඉහළ යාමේ වැඩි ප්‍රවණතාවක් වාර්තා වන්නේ දේශීය සහල් වර්ගවල බව ය.

මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා පැවසුවේ, සහල් සැපයුම අඩු වීම මිල ඉහළ යාමට හේතුව බව ය.

මාස 03ක පමණ සිට පැවති නියඟය සහ වැසි හේතුවෙන් කන්න 03ක් පාඩු වී තිබේ.

සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් සතුව අතිරික්ක තොග නොමැති බව මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ගැටලුව නිසා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් 500කට ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් ඇති බව ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »