ජනතාවගෙන් ලක්ෂ 10කට හැඳුනුම්පත් නෑ

2017-12-05 04:54:00       727
feature-top
මෙරට ජනගහනයෙන් ලක්‍ෂ 10 කට ආසන්න පිරිසකට ජාතික හැඳුනුම්පත් මෙන්ම අත්‍යවශ්‍ය අනන්‍යතා ලේඛන නොමැති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් කරන ලද සමීක්‍ෂණයකින් හෙළිවී තිබේ.

මෙම සංඛ්‍යාවෙන් ලක්‍ෂ 7 ක්‌ම වැඩිහිටි හා වයෝවෘද්ධ පුද්ගලයන් බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ ජාතික හැඳුනුම්පත් නොමැති වැඩිහිටියන් 80,000 ක්‌ පමණ වේ.

ඒ අනුව සෑම දිස්‌ත්‍රික්‌කයකම මෙම තත්ත්වය පවතින බවත්, වයෝවෘද්ධ පිරිස්‌ ජාතික හැඳුනුම්පත් ඇතුළු අත්‍යවශ්‍ය ලේඛන ලබා ගැනීමට එතරම් උනන්දුවක්‌ නොදක්‌වන බවත්, ජංගම සේවා මගින් ඔවුන් වෙත ගොස්‌ ජාතික හැඳුනුම්පත් ලබාදීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

(under the courtesy of srilankamirror.lk news web)

More News »