Facebook වලට යන එන මං නැති කරමින් චීනෙන් WE CHAT හඳුන්වා දෙයි.

2017-12-05 04:13:00       734
feature-top
අද කාලේ වෙද්දී ඔබ Business එකක් පටන්ගන්න ඉන්නවනම්, පටන්ගන්න හොඳම Business Field එක තමයි Digital Media. අපි එහෙම කියන්නේ මේ වෙද්දී ලෝකයේ තියෙන ව්‍යාපාර වලින් අති විශාල ලාභයක් ලැබෙන ධන උල්පත වෙලා තියෙන්නේ තාක්ෂණයත් එක්ක ඉදිරියට යන Business නිසා. සමාජ මාධ්‍ය(Social Media) , Online වීඩියෝ ක්‍රීඩා මේ අතර මුල්තැන අරගෙන තියෙනවා. ඉතින් මේ වෙද්දී Facebook ජාලය තමයි වැඩිම ලාභ ලබන Business එක කියලා අපි දැනගෙන හිට්යේ. එත් ඔන්න Facebook එකටත් අභියෝග කරන්න පුළුවන් සමාගමක් චීනයේ තියෙනවා කියල අපට වාර්තා වුනා.

චීනයේ තියෙන මේ සමාගමේ නම තමයි “ටෙන්සන්ට්” (TENCENT ). ගිය සතියේ අඟහරුවාදා වෙද්දී මේ සමාගම Facebook එකේ වත්කම් වලටත් අභියෝගයක් වෙලා තිබුනා. ඒ ලෝකයේ දැවැන්තම සමාගම් 05 අතරට ඉහළ ඇවිත්. සමාගමේ ප්‍රාග්ධනය ඩොලර් ට්‍රිලියන භාගයක් විදිහට තමයි වාර්තා වුනේ. සසඳලා බලද්දී මේක Facebook එකේ ප්‍රාග්ධනයට වඩා වැඩියි. මොකද මේ වෙද්දී Facebook එක සතුව තියෙන ප්‍රාග්ධනය විදිහට වාර්තා වෙන්නෙත් ඩොලර් බිලියන් 519යි.

චීනයේ Facebook සහ Twitter කියන සමාජ ජාල මේ වෙද්දී මුළුමනින්ම අවහිර කරලා තියෙනවා. මේකේ ප්‍රථිපලයක් විදිහට චීනයේ ඉන්න බිලියන 1.3ක ජනතාව පාවිච්චි කරන්නේ “ටෙන්සන්ට්” සමාගමෙන් නිකුත් කරලා තියෙන WE CHAT කියන App එක. මේ App එක චීනයේ බොහොම ජනප්‍රිය App එකක්. ඒකට හේතුව වෙන්නේ මේ App එක හරහා, චීනයේ අයට ගොඩක් පහසුකම් දීලා තියෙන නිසා.
1. Chat පහසුකම
2. Video / Photo Share කර ගැනීම
3. ක්‍රීඩා කිරීම
4. මුදල් හුවමාරු කර ගැනීම
5. ගෙවීම් කටයුතු වලට භාවිතා කිරීම

කෙටියෙන්ම කියනවනම්, අපේ එදිනෙදා කටයුතු වලට ඕන කරන හැම දෙයකටම මේ App එකෙන් සහයෝගයක් ගන්න පුළුවන්. ඒ වගේම චීනයේ දවසකට බිලියන 38 ක ප්‍රමාණයක් මේ App එක හරහා තමන්ගේ දේවල් කරගන්නවා.

ඉතින් සන්නිවේදන කටයුතු වල ඉඳලා බැංකු කටයුතු වෙනකන් පහසුකම් සළසලා දෙන මේ App එක Facebook අභිබවා යන එක ගැන පුදුම වෙන්න දේකුත් නැහැ.
(under the courtesy of siyathafm.lk news web)

More News »