කේස් එක අතාරින්න පොලීසියට කෝටී හතරක අල්ලස් දෙන්න හදලා" ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට අයත් ඉඩමේ නිධන් හාරමින් සිටි නිධන් හොරුන් කොටුවේ

2017-12-05 02:16:00       722
feature-top
පෞරාණික නිධන් වස්තු මංකොල්ල කමින් ඓතිහාසික සිද්ධස්ථාන වලට හානී කරනා නිධන් හොරුන් විසින් ශ්‍රී දළදා මාලිගාවට අයත් ඉඩමකද සිය ජාවාරම ජයටම කරමින් සිටියදි අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබෙනවා.

දළදා මාලිගාවට අයත් ගලේවෙල එනමල්පොත වහකෝට්ටේ ප්‍රදේශයේ ඉඩමක මාස කීපයක සිට නිධානයක් හෑරීම සඳහා විශාල ගලක් විදිමින් සිටි පුද්ගලයන් තුන්දෙනකු බැකෝ යන්ත්‍රයක්, යතුරුපැදියක් හා ගල් විදින මෙවලම්, වෙඩි බෙහෙත් ආදී සියල්ල සමග මෙලෙස කොටු කර ගැනීමට එම බලකායේ නිළධාරීන් සමත්ව තිබෙන බව සදහන්,

වැටලීම සඳහා පැමිණි දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට මෙම සිද්ධිය අතහැර දැමීම සඳහා රුපියල් කෝටි හතරක අල්ලස් මුදලක් ලබාදීමටද එම නිධන් ව්‍යාපාරිකයා ඉල්ලීමක් ක‍ර තිබේ, කෙසේ වෙතත් මුදලට නොනැමෙන ස්ථාන භාර පොලිස් නිලධාරිවරයා ඇතුළු කණ්ඩායම මුදල් ප්‍රතික්ෂේප කරමින් සියලු දෙනා අත්අඩංගුවට ගැනීම විශේෂත්වයකි.

දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් උඳුවප් පොහෝ දින රාත්‍රියේ පොද වර්ෂාවේ මෙම ස්ථානය වැටලීමට ලක් කර තිබේ. පොලිස් කණ්ඩායම් එම ස්ථානය වට කරන විටත් පිරිස යාන්ත්‍රික උපකරණ යොදාගෙන විශාල ගලක අඩි 25ක පමණ ගැඹුරු විශාල වළක් හාරා ඒ මත දෝනාවක් යමින් නිදන් සොයමින් සිටි බව පොලිසිය පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙම ස්ථානය වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ගලේවෙල පොලිසියට අනුයුක්ත වෙනත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ළඟා වී තිබේ. ඔවුන් සඳහන් කර තිබෙන්නේ ලියාපදිංචි අංකයක් නොමැතිව වාහනයක් මෙම ස්ථානයට පැමිණ ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් පරීක්ෂා කිරීම සඳහා පැමිණි බවයි. කෙසේ වෙතත් එහිදී පොලිස් විශේෂ බළකායේ අණදෙන නිලධාරිවරයා පවාසන්නේ එම ස්ථානයට තම පොලිස් කණ්ඩායම පැමිණියේ ලියාපදිංචි සහිත අංක ඇති වාහනවලින් බවත් සියලු දෙනාම නිල ඇඳුමෙන් සැරසී පැමිණි බවත් ය.
(under the courtesy of nethnews.lk news web)

More News »