රුපියල් බිලියන 1.2 ක LVL Energy Fund මූලික කොටස් නිකුතුව ඇරඹෙයි

2017-12-05 12:09:00       64
feature-top
2015 වසරෙන් පසු ශ‍්‍රී ලංකාව තුළ සිදුකරනු ලබන දැවැන්තම කොටස් නිකුතුව
ප‍්‍රමුඛතම බලශක්ති සමාගමක් සහ Lanka Ventures හි අනුබද්ධිත සමාගමක් වන LVL Energy Fund Limited විසින් රුපියල් බිලියන 1.2ක වටිනා මූලික කොටස් නිකුතුව (Initial Public Offering – IPO) පසුගියදා ප‍්‍රකාශයට පත්කරන ලදී. මෙම මූලික කොටස් නිකුතුවේ ප‍්‍රධාන අරමුණ ලෙස සමාගම පෙන්වා දෙන්නේ, තිරසර බලශක්ති ක්ෂේත‍්‍රය තුළ ක‍්‍රමෝපායික වර්ධනයක් සහ ව්‍යාප්තියක් හිමිකර ගැනීම සඳහා ආයෝජනය කිරීමයි.

වසර 2015 පටන් සිදු කරන ලද කොටස් නිකුත් කිරීම් හා සසඳන කළ මෙතෙක් සිදු කරන ලද දැවැන්තම කොටස් නිකුතුව මෙයයි. කොටසක මිල රු. 10ක වටිනාකමින් යුතු කොටස් මිලියන 120ක් නිකුත් කරන ලද අතර එමගින්  මුළු වටිනාකම රුපියල් බිලියන 1.2ක අරමුදලක් හිමිකර ගැනීමට අපේක්‍ෂිතය. මෙම කොටස් නිකුතුවේ මිල විමර්ෂණය කරන ලද්දේ සහ තහවුරු කරන ලද්දේ ස්වාධීන තක්සේරුකරණ ආයතනයක් වන Capital Alliance Partners Limited විසිනි. ඒ සඳහා ඔවුන් SOTP (Some of the Parts) සහ PE (Price Earning) තක්සේරු කිරීම්හි එකතුවක් භාවිත කරන ලදී. SOPT තක්සේරුකරණ ක‍්‍රමවේදයට සහ PE පදනම් කරගත් ක‍්‍රමවේදයට අනුව ස්වාධීන තක්සේරුකරුවන් විසින් එක් කොටසක් සඳහා රුපියල් 13.18ක අගයක් නිර්ණය කරන ලද අතර ඊට අමතරව සිදු කල  SOTP (Some of the Parts) විශ්ලේෂණයකට අනුව එක් කොටසක් සඳහා වන අවම අගය සහ උපරිම වටිනාකම රුපියල් 10.60 සිට 16.62 දක්වා විය යුතු බව නිර්දේශ කෙරින. රුපියල් 13.18ක වටිනාකම මත පදනම්ව කොටසක් පිරිනමනු ලබන අගය වන රුපියල් 10ක මුදල 24%ක වට්ටමක් සහිතව හිමිවන බැවින් ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු වඩාත් සක්‍රීය භාවයක් ගැනීමට එය ඉවහල් වනු ඇත.

LVL Energy Fund හි මව් සමාගම වන Lanka Ventures PLC, Acuity Partners (Private) Limited හි අනුබද්ධිත සමාගමකි. එම සමාගම ශ‍්‍රී ලංකාවේ ඉහළ පිළිගැනීමක් හිමි මූල්‍ය ආයතන ද්විත්වයක් වන  Hatton National Bank PLC සහ DFCC Bank PLC අතර වන හවුල් ව්‍යාපාරයකි. LVL Energy Fund සීමාසහිත වත්කම් සමාගමක් වන අතර ශ‍්‍රී ලංකාව පුරා සහ නේපාලයේ සහ බංග්ලාදේශයේ බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කර තිබේ. LVL Energy Fund තාප ශක්තිය ජනනය කිරීම සඳහා වූ ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කරනු ලබන ශී‍්‍ර ලංකාවේ එකම ලැයිස්තුගත අරමුදලයි. එමෙන්ම, ජල විදුලිය සහ සුළං බලශක්තිය යන දැවැන්ත තිරසර බලශක්ති ජනනය ද සිදු කරනු ලබයි. 2010 වසරේ සිට සමාගමේ පාර්ශ්වකරුවන් වෙත ලාභාංශ බෙදාදීම පිළිබඳව ඔප්පු කරන ලද වාර්තාවන් ද සමාගම සතුවේ. පසුගිය වසර 5 පුරා වසරින් වසර අත්පත් කරගත් 47%ක ආදායම් වර්ධනයක් LVL Energy Fund සතුවේ.

සමාගමේ IPO නිකුතුව පිළිබඳව අදහස් දක්වමින් LVL Energy Fund Limited හි ප‍්‍රධාන විධායක නිලධාරී සුමිත් අරන්ගල මහතා පවසා සිටියේ, ”LVL Energy Fund හි කොටස් නිකුතුව පිළිබඳව නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කිරීමට හැකිවීම පිළිබඳව අප ඉතාම සතුටට පත්වනවා. එමගින් රැස් කරගැනීමට අපේක්‍ෂිත රුපියල් බිලියන 1.2ක මුදල ඉදිරි වසරවලදී අපගේ ක‍්‍රමෝපායික වර්ධන සැලසුම්වල අවශ්‍යම කොටසක් වන සුවිශේෂී ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට අපට අවස්ථාව හිමිකර දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. 2015 වසරේ පෙබරවාරි පටන් මෙතෙක් ශ‍්‍රී ලංකාව තුළ නිකුත් කරන ලද දැවැන්තම කොටස් නිකුතුව මෙයයි. එසේම, ශ‍්‍රී ලංකාව තුළ උදාවෙමින් පවතින නවයුගයේ දී රටට අවශ්‍ය ජාතික ආර්ථිකයේ සහ සංවර්ධනයේ පාර්ශ්වකරුවකු වීම අපගේ බලාපොරොත්තුවයි. LVL Energy Fund විසින් සැමවිටම අපගේ වටිනා කොටස්කරුවන් වෙනුවෙන් ඉහළ ලාභාංශ අත්පත් කර දී තිබෙනවා. එමෙන්ම, සමස්ත ව්‍යාපාරික ප‍්‍රජාව විසින් අප කෙරෙහි තැබූ විශ්වාසය සහ පැහැදීම පිළිබඳව අපගේ අවංක ස්තුතිය පිරිනමනවා. ශ‍්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රමුඛතම සහ වැඩිම විවිධත්වයකින් යුතු සමාගම ලෙස ශක්තිමත් වීම සඳහා මෙන්ම එම ක්ෂේත‍්‍රය හා අදාළව කලාපීය වශයෙන් අපගේ ඉදිරි පියවර සාර්ථකව තැබීමට අවශ්‍ය මාවත ගොඩනැංවීම සඳහා මෙම කොටස් නිකුතුව කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරනවා.”

මෙම කොටස් නිකුතුවට පූර්වයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ සමාගම විසින් සාර්ථක ලෙස පෞද්ගලික නිකුතුවක් හරහා රුපියල් මිලියන 951ක් සම්පාදනය කර ගන්නා ලදී. මූලික කොටස් නිකුතුවෙන් රුපියල් බිලියන 1.2 ක් රැස් කරගැනීමට අපේක්‍ෂා කරන අතර ඉන් රුපියල් මිලියන 720ක් (අරමුදලෙන් 60%ක්) නවතම ජල විදුලි උත්පාදක ව්‍යාපෘති 3ක් සඳහා ආයෝජනය කිරීමට නියමිත අතර එයින් රුපියල් මිලියන 255ක් ශ‍්‍රී ලංකාවේ කුඩා ප‍්‍රමාණයේ ජල විදුලි බලාගාර 2ක් සඳහා ආයෝජනය කෙරේ. එහිදී මෙගාවොට් 3.9ක සමස්ත බලශක්තියක් නිපදවීමට අපේක්‍ෂිතය. එමෙන්ම ඉතිරි රුපියල් මිලියන 465ක මුදල නේපාලයේ මෙගාවොට් 10ක විදුලි බලාගාරයක් නිපදවීම සඳහා ආයෝජනය කෙරේ. කොටස් නිකුතුවේ ඉතිරි කොටස එනම් රුපියල් මිලියන 480ක් සමාලම විසින් සිය ණය පියවීම සඳහා යොදාගනු ලබන අතර එමගින් ඉදිරියේදී සැලසුම් කර ඇති ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍ය ශක්තියක් සැපයීමට ඉවහල් වනු ඇත. එලෙස සැලසුම් කර ඇති ව්‍යාපෘති අතර යාපනය අර්ධද්වීපයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 10ක සුළං බලශක්ති ව්‍යාපෘති 2ක් සහ බංග්ලාදේශයේ සිදු කිරීමට නියමිත මෙගාවොට් 100ක තාප විදුලි ව්‍යාපෘතියක් ද වේ.

තිරසාර බලශක්ති මූලාශ‍්‍ර භාවිතයෙන් විදුලිය සහ බලශක්තිය නිපදවීම, තිරසාර ආර්ථිකයක් සහ කර්මික වර්ධනයක් අත්පත් කරගැනීම වෙනුවෙන් ඉමහත් දායකත්වයක් සපයනු ලබන සුවිශේෂී බලවේගයක් වේ. එසේම මහජනතාවගේ සෞඛ්‍යයට සහ මනා පැවැත්ම ද තහවුරු කරනු ලබන කාරණයකි. විකල්ප බලශක්ති ක්ෂේත‍්‍රයේ ඇති අති විශාල හැකියාවන් හඳුනාගනිමින් LVL Energy Fund විසින් දැනටමත් දේශීය කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සුවිශේෂී ආයෝජකයකු ලෙස ස්ථාවරත්වයට පත්වීම සඳහා කටයුතු අරඹා තිබේ. කොටස් නිකුතුව හා සමගාමීව ඉහළ ධාරිතාවෙන් යුතු බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට කටයුතු කරමින් සිය ව්‍යාප්තිය සිදු කිරීමට සමාගම කටයුතු කරන අතරම බලශක්ති ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛතමයා ලෙස ස්ථාවර වීම සඳහා සමාගම තවදුරටත් කටයුතු කරනු ඇත.

(under the courtesy of adaderana.lk news web)

More News »