ඉන්දු - ශී‍්‍ර ලංකා තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවන දිනය අද

2017-12-04 09:23:00       137
feature-top
ඉන්දු - ශී‍්‍ර ලංකා තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (04) 3වන දිනයයි.

ඊයේ (03) තරගය නතර කරන විට සිය පළමු ඉණිම සඳහා පන්දුවට පහරදෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 03ක් දැවී ලකුණු 131ක් ලබාගෙන සිටියා.

ඒ, කඩුලු 07ක් දැවී ඉන්දීය කණ්ඩායම රැස්කර ගත් ලකුණු 536ට පිළිතුරු වශයෙන්.

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තවත් කඩුලූ 07ක් අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 405ක් පිටුපසින් සිටිනවා. 

මේ අතර ඉන්දු - ශී‍්‍ර ලංකා තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශ්වසන අපහසුතා ඇති වූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් හතර දෙනෙකුට කෘත‍්‍රීම ශ්වසන ආධාර ලබාදීමට සිදු වූ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා.

කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ දිල්ලි නුවර සිට නෙත් ස්පෝර්ට්මන් වෙත කියා සිටියේ එහි පවතින දැඩි වායු දූෂණය හේතුවෙන් කී‍්‍රඩකයින් කිහිප දෙනෙකු වමනයද කළ බවයි. 

(under the courtesy of nethnews.lk news web)

More News »