දරුවන් ළමා නිවාසගත නොකරන නව වැඩපිළිවෙලක්

2017-11-26 09:40:00       830
feature-top
ළමයින් නිවාසගත නොකර කැපකරු මාපිය ක‍්‍රමයක් හඳුන්වාදීමට ජාතික ළමාරක්ෂක අධිකාරියේ අවධානය යොමුවී තිබෙනවා.
ළමා නිවාසගතව සිටින දරුවන්ට පවුලක් තුළ ජීවත්වීමට අවස්ථාව ලබාදීම මෙහිදී සිදුකෙරෙනු ඇති.

ඒ පිළිබඳ අදහස් දක්වන ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා පෙන්වා දෙන්නේ ළමා නිවාසවලට යොමු කෙරෙන්නේ දෙමාපියන් දෙදෙනා අහිමි වූ දරුවන් පමණක් නොවන බවයි.  ආර්ථික දුෂ්කරතා නිසාත් දරුවන් ළමා නිවාස වෙත යොමු කෙරෙන බවද ඇය පෙන්වා දෙනවා. කෙසේවෙතත් දරුවන්ට සතුටින් වැඩෙන්නට අවස්ථාවක් ලබා දීම සඳහා මෙම පියවර ගැන අවධානය යොමු කර ඇති බවත් ඒ ඔස්සේ අදාළ දරුවාගේ සමීප ඥාතියෙකු හෝ දරුවාව හොඳින් දන්නා හඳුනන අයෙකු සමග සාමාන්‍ය පවුල් ජීවිතයකට හුරුකරවීම සිදු කෙරෙන බවත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් විශේෂ ජාත්‍යන්තර සමුළුවක් ද ඉකුත්දා මෝල්ටා රාජ්‍යයේ සංවිධාන කර තිබුණ. මෙම නව ක‍්‍රමවේදය ශ‍්‍රී ලංකාව තුළද නියමු ව්‍යාපෘතියක් ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරිය හා ඒකාබද්ධව ක‍්‍රියාත්මක කරන බවයි එම සමුළුවට සහභාගී වූ ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර සඳහන් කර ඇත්තේ.

මෙම ව්‍යාපෘතිය සඳහා උපදෙස් ලබාදීම ආසියානු විකල්ප ළමා රැකවරණ විශේෂඥ ඉන්දීය ජාතික ඉයන් පෝබර් විසින් සිදු කරනු ඇති.

(under the courtesy of nethnews.lk news web)

More News »