ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර විශේෂ සාකච්ඡාවක්

2017-11-25 09:03:00       830
feature-top
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා දෙපාර්ශ්වය විසින් පත්කළ කමිටු දෙකෙහි විශේෂ සාකච්ඡාවක් දැන් පැවැත්වෙනවා.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ රාත‍්‍රි 7ට මෙම සාකච්ඡාව ආරම්භවීමට නියමිත බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්ව තරග කිරීම සඳහා ඉකුත් දා අදාළ කමිටු දෙක පත්කර ගැනුණා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කමිටුවේ සාමාජිකයින් ලෙස නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප‍්‍රියදර්ශන යාපා හා ලසන්ත අලගියවන්න යන මන්ත‍්‍රීවරුන් කටයුතු කරනවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කමිටුවේ සාමාජිකයින් වන්නේ මහින්ද යාපා අබේවර්ධන, සීබී රත්නායක හා පවිත‍්‍රා වන්නිආරච්චි යන මන්ත‍්‍රීවරුන්.

මේ අතර දෙපාර්ශ්වය අතර සාකච්ඡා සඳහා ඊයේ (24) අලූයම 2ට පැමිණෙන ලෙස නිදහස් පක්ෂය නියෝජනය කරන කමිටුවේ සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සීබී රත්නායකට දැනුම් දී තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »