"මැරිලා වගේ ඉන්නේ මොකද ?" - කියමින් උසුළු විසුළු කළ මහනුවර මහ රෝහලේ හෙද මිතුරිය ඇත්තටම මියගිහින්..

2017-11-25 05:03:00       829
feature-top

මැරිලා වගේ ඉන්නේ මොකද යැයි උසුළු විසුළු කළ හෙද මිතුරිය සත්‍ය ලෙසම මියගොස්‌ සිටි පුවතක්‌ මහනුවර මහ රෝහලෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල මුවන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

වකුගඩු ඒකකයේ ශල්‍යාගාරයේ සේවය කරමින් සිටි තිස්‌අට හැවිරිදි අසන්ති බණ්‌ඩාර නමැති මෙම හෙදිය, හෙද පුරප්පාඩුවක්‌ පිරවීම සඳහා පෙරේදා (23) සවස හැටපහ වාට්‌ටුවේ සේවයට පැමිණ තිබෙනවා.

එහි රාත්‍රි වැඩ මුරය ආවරණය කරමින් සේවයේ යෙදී සිටියදී ඊයේ අලුයම් කාලයේ පමණ පුටුවේ වාඩි වී දිගු වේලාවක්‌ සිට ඇති අතර එසේ සිටින්නේ ඇයිදැයි සිය මිතුරියන් සොයා බලද්දී හෙදිය මියගොස්‌ ඇති බවයි දැනගෙන ඇත්තේ.

ඇය  දිගුකාලීන අසාත්මිකතාවය මත ඇති වූ රෝග සඳහා ප්‍රතිකාර ලබන අයකු බවට කරණු අනාවරණය වී තිබෙනවා.

මහනුවර අධිකරණයේ මහෙස්‌ත්‍රාත් නියෝග මත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙනු ලබනවා.


(under the courtesy of nethgossip.lk news web)

More News »