රොෂාන් රනවණගේ බිරිඳ දැන් කියනවලු පැත්තකට වෙන්න කියලා

2017-11-25 03:57:00       830
feature-top
කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය නළුවන් කිහිප දෙනෙක් මුළුතැන්ගෙයි වැඩ කටයතු සඳහා දායකවන ආකාරය සම්බන්ධයෙන් විස්තර මීට කලින් අපි ඔබට ඉදිරිපත් කළා මතක ඇතිනේ.

ඒ තොරතුරු අතර තිබුණ ජනප්‍රිය නළු රොෂාන් රණවන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තොරතුරු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් හිමි වුණා.

එය පහතින්….

කලාකරුවන් අතර ආදරණීය පවුලක් විදිහට සාර්ථකව ජීවිත ගමන ගෙනයන යුවළක් තමයි රොෂාන් රණවන සහ කුෂ්ලානි කියන්නේ.

කොයි තරම් ආදරෙන් හිටියත් රොෂාන්ගේ බිරිඳ එක තැනක දි රොෂාන්ට පැත්තකට වෙලා ඉන්න කියනවලු.

ඒ කොයි වෙලාවදට..?

ඒ තමයි උයන පිහින වෙලාවට. රොෂාන්ට මොනවා නැතත් තේ එකනම් රසට හදාගන්න දන්නවලු.

ඒත් රොෂාන්ගේ බිරිඳගේ නැති වෙලාවට අම්මා තමයිලු තේ එක හදලා දෙන්නේ.

කුෂ්ලානි උයද්දි රොෂාන් ඇවිත් පොල් ටිකක් ගාලා ලූණු ටිකක් සුද්ද කරලා දෙන්න හැදුවත් පැත්තකට වෙලා ඉන්න කියලලු බිරිඳ කියන්නේ.

ඒ නිසා රොෂාන් කරන්නේ අම්මයි බිරිඳයි උයන එක දිහා බලාගෙන ඉන්න එකලු.

(under the courtesy of hitnews.lk news web)

More News »