ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සාමාජිකයින් පත් කිරීමේ තීරණාත්මක ඡන්ද විමසීමක්

2017-11-25 03:54:00       830
feature-top
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකත්වයේ පවතින පුරප්පාඩු 06ක් සඳහා නව සාමාජිකයන් පත් කිරීමට අදාලව තීරණාත්මක ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබේ.

අදාල පත්වීම් සඳහා නාම යෝජනා භාර ගැනීම පෙරේදා පස්වරු 03.00න් අවසන් වූ බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත අතර ඉන් දස දෙනෙකු ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා අතර සෙසු සාමාජිකයන් නිල බලයෙන් පත්වනු ලැබේ.

ඒ අනුව ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා සාමාජිකයන් දස දෙනා අතරින් 06 දෙනෙකුගේ තනතුරු මේ වන විට පුරප්පාඩුව පවතින බව  වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා වැඩිදුරටත් මහතා පැවසීය.


(under the courtesy of asianmirror.lk news web)

More News »