තොටු‍පොළේ වතුරට බැහැලා ඉන්නකොට මට දැනුණා දණහිසට පහළින් කවුද තද කරලා අල්ලනවා වගේ. රුපියල් විස්සෙ පොතක් නිසා වටිනා ජීවිතයක් බේරුන හැටි..!

2017-11-24 05:15:00       1063
feature-top

මිනීමරු කිඹුලන්ගේ ග්‍රහණයට ලක්ව විනාශ වුනු වටිනා ජීවිත ඕනෑ තරම්.පසුගිය දවසකත් ඒ වගේම සිදූවීමක් වුනේ බොල්ගොඩ ගඟේ කහ‍පොළ ඉඳිගහ තොටු‍පොළේදී. ජීවිතයත් මරණයත් අතර දැවැන්ත සටනක යෙදිමින් ජීවිතය බේරා ගත් ඔහු පසුව කකුලක් අහිමිව දකුණු කොළඹ ශික්ෂණ රෝහ‍ලට ඇතුලත් කර තිබෙනවා.

මෙහිදී තමන් මුහුණ දුන් බිහිසුනු අත්දැකීම ප්‍රකාශකලේ මෙලෙසින්.

‘තොටු‍පොළේ වතුරට බැහැලා ඉන්නකොට මට දැනුණා දණහිසට පහළින් කවුද තද කරලා අල්ලනවා වගේ. අතගාලා බලනකොට කිඹුලෙක් බව දැනගත්තා. මට මතක් වුණා රුපියල් විස්සකට පේමන්ට් එකෙන් ගෙනාපු ‍පොතක තිබුණු කිඹුලන්ගෙන් බේරෙන ක්‍රමයක්. ඒ අනුව මම මහපට ඇඟිලි දෙකෙන් කිඹුලාගේා ඇස් දෙක තද කරගෙන හිටියා. ටික වේලාවකින් කකුල බුරුල් වුණා. කැඩිච්ච කකුලත් ඇදගෙන බොහොම අමාරුවෙන්  ගං ඉවුරට ඇදී ආවා.’

දිවි බේරාගෙන ගොඩට පැමිණි ඔහු දුරකතන ඇමතුමක් මාර්ගයෙන් මේ පිළිබඳව නිවැසියන්ට දන්වා තිබෙනවා. ඉන් අනතුරුවයි මෙම පුද්ගලයා රෝහලට ඇතුලත් කර තිබෙන්නේ. මෙසේ අනතුරට පත් පුද්ගලයාගේ පුතෙකු මෙම අනතුර සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශ කලා.


‘රෑ දහය හමාරට විතර අපි තොටු‍පොළට ගියා. කකුලෙන් ‍ලේ පෙරාගෙන තාත්තා බිම වාඩිවෙලා හිටියා. තාත්තා පණිවිඩය එවා තිබුණේ ඇඟිල්ලක් කැඩිලා කියලා. යාළුවකුගේ වාහනයක තාත්තා නංවාගෙන යන ගමන් 1990ට කතා කරලා ගිලන් රථයක් ගෙන්වාගෙන එමගින් කළුබෝවිල රෝහලට ආවා. ඒ වෙලාවේ වෛද්‍යවරු ගොඩක් ඇවිත් ප්‍රතිකාර කළා. පසුදින සැත්කමකටත් භාජනය කළා. නමුත් දැන් ප්‍රශ්නෙකට තියෙන්නේ කිඹුලන් ගැනයි. අපි නාන තොටු‍පොළවල මත්ස්‍යයන් ගානට කිඹුල් පැටව් ඉන්නවා. මේ ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.’

අනතුරට මුහුණ පෑ නීල් පෙරේරා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙසද කියා සිටියා.

‘ඉක්මනින්ම මට ප්‍රතිකාර ලැබුණු නිසා කකුල අහිමි වුණත් ජීවිතය බේරීම ගැන සතුටුයි. මට හිතෙනවා මේ වෛද්‍යවරු දෙවිවරුයි කියලා. මට මේකෙන් වීරයෙක් වෙන්නවත් ආධාරයක් ලබාගන්නවත් අවශ්‍ය නෑ. මේ තොටු‍පොළවල් ආශ්‍රිතව දහස් ගණනක් විවිධ රැකියාවල යෙදෙන අය ඉන්නවා. දැන් කහ‍පොළ හා ඉදිඟහ තොටු‍පොළ අසල කිඹුල්ලු දහස් ගණනක් සැරිසරනවා. කිඹුල්ලු මරන්න කියලා මම කියන්නේ නැහැ. නමුත් මිනිස් ජීවිත ආරක්ෂා වෙන්න ඕන. ඒ නිසා මේ තොටු‍පොළවල් ආශ්‍රිතව ආරක්ෂිත වැටවල් සකස් කර දෙන ලෙස මා ඉල්ලනවා.’



(under the courtesy of nethgossip.lk news web)

More News »