තරුණයෙකු පැහැරගත් හිරුණිකා, බබා වෙද්දී වරද පිළිගත් ගෝලයින්ට අද ලැබුණු දඬුවම

2017-11-24 01:18:00       732
feature-top
බරපතල වැඩ සහිත සිර දඬුවම්..

වන්දි ගෙවන්නත් නියෝග...

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හැර වරද පිළිගත් ඇයගේ පෞද්ගලික ආරක්ෂකයින් අට දෙනාගෙන් 6 දෙනෙකුට බරපතල වැඩ සහිත වසර 2 ක සිර දඬුවම් නියම කළා.

එම දඬුවම වසර 12 කට අත්හිටුවීමටයි ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී නියෝග කෙරුණේ.

එක් විත්තිකරුවෙකු පාසල් සිසුවෙකු වීම හේතුවෙන් ඔහුට තරයේ අවවාද කර තිබෙනවා. 

එමෙන්ම මෙහිදී පැහැරගැනීමට ලක්වූ තරුණයාට රුපියල් 40,000 බැගින් වන්දි ගෙවන ලෙස විත්තිකරුවන් පස්දෙනෙකුට නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ට රුපියල් 33,000  බැගින් දඩද නියම කළා. 

අනෙක් විත්තිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුට රුපියල් 10,000 ක වන්දියක් ගෙවීමට නියම කළ විනිසුරුවරයා අනෙක් විත්තිකරුට රුපියල් 75,000 ක වන්දියක් ගෙවන ලෙස නියම කරනු ලැබුවා.
 
ගොතටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු දෙමටගොඩදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ පෞද්ගලික ආරක්ෂකයින් අට දෙනාට විරුද්ධව නීතිපතිවරයා විසිනුයි මෙම නඩුව පවරා තිබුණේ. 

පුද්ගලයෙකු පැහැරගෙන යාම, පැහැරගෙන යාමට අනුබල දීම, පුද්ගලයෙකුට පහර දී තුවාල සිදුකිරීම හා නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන ප්‍රධාන චෝදනා සමඟ කියැවෙන අධිචෝදනා 16 ක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරියේ නීතිපතිවරයා සටහන් කර තිබෙනවා.

(under the courtesy of gossip.hirufm.lk news web)

More News »