රත්නපුරේ ප්‍රසිද්ධ පාසලක සිසුවියක් ගෙළ වැළලා ගනී

2017-11-23 05:07:00       818
feature-top
රත්නපුර, චෙත්තනාව, මැදගම, ගල්කඩ ප්‍රදේශයේ නිවසක දී උසස් පෙළ සිසුවියක් ගෙල වැළලාගෙන මිය ගොස් තිබේ.

එලෙස මරණයට පත් ව ඇත්තේ එම ප්‍රදේශයේම ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි තරුණියකි.

ඊයේ (22) පස්වරුවේ ඇයගේ මව ඥාතියෙකුගේ නිවසකට ගොස් සිටිය දී මෙම තරුණිය ගෙල වැළලාගෙන තිබේ. රාත්‍රියේ තරුණියගේ මව නැවත පැමිණි විට දක්නට ලැබුණේ නිවසේ සියලුම දොර ජනෙල්වලට අගුලු දමා තිබූ අයුරු ය.

පසුව පිටුපස දොර කඩා ගෙතුළට ගිය ඇයට දැක ගැනීමට ලැබුණේ සිය දියණිය සාරියක් ආධාරයෙන් ගෙල වැළලාගෙන සිටි අයුරු ය.

එම මව, සාරිය මැදින් කපා දියණිය බිමට ගෙන ඇති අතර ඒ වනවිටත් ඇයගේ හුස්ම තිබූ බව වාර්තා වේ. එම තරුණිය වහාම මැදගම රෝහලට රැගෙන යාමට මව කටයුතු කර තිබේ. ඒ යන අතරමග දී ඇය ජීවිතක්ෂයට පත් ව තිබේ.

මරණයට පත්වූ තරුණිය පවුලේ එකම දියණියවන අතර පියා මැදගම ලංගම බස් ඩිපෝවේ කාර්මික නිලධාරියෙකු ලෙස සේවය කරයි. මෘත ශරීරය මේ වනවිට රත්නපුර රෝහලට රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

පෙම් සබඳතාවක් මුල් කරගෙන මෙම ගෙල වැළලා ගැනීම සිදු කරගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කුරුවිට පොලිසිය විසින් සිදු කරයි.

(under the courtesy of hitnews.lk news web)

More News »