ජාවාරම්කරුවන්ට ගොදුරුවන අලි පැටවූ
2017-11-23 04:57:00  ★ 685

ශ්‍රී ලංකාවේ වනාන්තර තුළ සිටින අලි පැටවුන් අල්ලා වද හිංසා පමුණුවමින් ඉතා අමානුෂික ලෙස ගෙනවිත් විකිණීමේ ජාවාරම් පිලිබඳව නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා.
බොහෝ විට නිලධාරීන්ගේ සහයෝගය හා අනුදැනුම මත සිදුවන මෙම අලි පැටවූ ජාවරාමේ ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ යාල ජාතික උද්‍යානයේ දෙමළ තොටුපොළ නැමැති ස්ථානයෙන්.
යාල ජාතික උද්‍යානයේ දෙමළ තොටුපොළ නැමති ස්ථානයේ අලි පැටවෙකු ගැටගසා සිටින බවට පසුගිය 07 වනදා කතරගම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වනජීවී නිලධාරින් සමග එම ස්ථානය පරික්ෂා කිරීමට පොලිසිය පිටත්ව ගියත් අලි පැටවෙකු නොසිටි නිසා නිලධාරීන් නැවත පැමිණ තිබෙනවා.
මේ අතර කතරගම, සිතුල්පව්ව මාර්ගයේ මැණික්පුරගම ප්‍රදේශයේ නිවසකට මාස තුනක් පමණ වයස අලි පැටවෙකු පැමිණ ඇති බවට නිවෙස් හිමියාගෙන් කතරගම වනජීවී නිලධාරීන් හට ලැබුණු තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් හා පොලිසිය එහි ගොස් නිවසේ ගැටගසා සිටි අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන්ගේද අධික්ෂණය යටතේ උඩවලව අතුරු සෙවනට ගෙනවිත් ඇති බවද වාර්තා වනවා.
මෙම අලි පැටවාගේ සිද්ධිය පිටුපස සැක සිතීමට කරුණු ගණනාවක් ඇති අතර අලිපැටවා සොයාගන්න ගිය අවස්ථාවේ පැටවාගේ පාදයක තිබූ තුවාල හේතුවෙන් නිසැකවම ගැටගසා තුබූ බවට සාක්ෂි සපයා ඇති අතර අලි පැටවා සොයා ගන්න විට බඩයාමේ රෝගයකින් පෙළමින් සිට ඇති අතර ඉන් හෙළි වන්නේ අලි පැටවා රඳවාගෙන කිරි පිටි දී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමට වනජීවී අධ්යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාරගේ උපදෙස් මත බස්නාහිර පළාත් භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිවූ .ඒ.ඩි.ඒ ,ඉන්ද්‍රජිත්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් පත් කර ඇති අතර කතරගම පොලිසිය මගින්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි අප වර්තාකරු පවසන්නේ.
(under the courtesy of nethnews.lk news web)
අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්‍රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com