පලාත් පාලන මැතිවරණයේ දී ඒකාබද්ධය හා එක්වීමට මහින්දගේ පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාර

2017-11-23 01:34:00       682
feature-top
ඉදිරි පලාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව තරඟ කිරීමේ වැදගත් කම ඊයේ(22) රාත්‍රී පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී අවධානයට ලක් වී තිබේ.

එලෙස එක් වීමට උනන්දුවක් දක්වන දෙපාර්ශවයේම පිරිස් මුලික සාක්ච්ඡා වටයක් දක්වා එක් කර ගත යුතු අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවයේ යහපත් ප්‍රතිචාර ද මේ වන විට ලැබෙමින් පවතින බව මෙහිදී ප්‍රකාශ වී තිබේ.

එමෙන්ම බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් පියවර ප්‍රසංශනීය බවත් ඒ කටයුතු ඒ අයුරින්ම ඉදිරියට ගෙන යා යුතු බවත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කොට ඒ බව ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බවද වාර්තා වේ.

(under the courtesy of hitnews.lk news web)

More News »