බස් රථයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් - රියදුරු පිළිස්සී රෝහල්ගත කරයි

2017-11-23 11:44:00       680
feature-top
ගොඩකවෙල, පල්ලෙබැද්ද ප‍්‍රදේශයේදී ලංගම බස් රථයකට අද (23) අලූයම පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයකට මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ප‍්‍රහාරයෙන් ලංගම බස් රථයේ රියැදුරු පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. ඔහු ගොඩකවෙල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම ප‍්‍රහාරය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ගොඩකවෙල පොලීසිය මගින් ක‍්‍රියාත්මකයි. 

(under the courtesy of nethnews.lk news web)

More News »