යාල වනෝද්‍යනයට ඇතුලු වන සංචාරකයින් රැගත් වාහන යළි සීමා කෙරේ

2017-11-23 08:56:00       608
feature-top
යාල වනෝද්‍යානයට දෛනිකව ඇතුලු වන සංචාරකයින් රැගත් වාහන සංඛ්‍යාව යළි සීමා කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව වනෝද්‍යානයට දෛනිකව ඇතුලු විය හැක්කේ සංචාරකයින් රැගත වාහන 300 කට පමණ ය.

වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ, සතුන්ගේ ආරක්ෂාව සලකා වනෝද්‍යානයට ඇතුලු කරන වාහන සංඛ්‍යාව සීමා කිරීමට පසුගිය දා විෂයභාර අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පියවර ගත් බව ය.

එහෙත් එම තීරණයට විරෝධය පළ කරමින් සෆාරි ජීප් රථකරුවන් ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීම අතහැර දැමිණි.

එහෙත් පරිසරවේදීන් හා සිවිල් සංවිධාන මේ පිළිබඳව යළිත් විෂයභාර අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වනෝද්‍යානයට දෛනිකව ඇතුලු වන වාහන සංඛ්‍යාව සීමා කළ බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

දෛනිකව යාල වනෝද්‍යානයට ඇතුලු වන වාහන සංඛ්‍යාව 450 ඉක්ම වනු ඇති.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »