මූල්‍ය දුෂණ නඩු විභාග කිරීම සඳහා මහාධිකරණවලට බලය ලබාදෙන්න පරිදි නීති සකස් කිරීමේ යෝජනාවක්

2017-11-23 08:54:00       615
feature-top
මූල්‍ය දුෂණ නඩු විභාග කිරීම සඳහා මහාධිකරණවලට බලය ලබාදෙන පරිදි නීති සකස් කරන ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යෝජනා කර තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, දැනට එම නඩු මහේස්ත්‍රාත් අධිකරණවල විභාග කරන බවයි.

එහෙත් අදාල නඩු විභාග කිරීම ප්‍රමාද වීම මෙන් ම ලබා දෙන දඬුවම් ප්‍රමාණවත් නොවීම යන කරුණු හේතුවෙන් අදාල නඩු මහාධිකරණවල විභාග කිරීමට හැකිවන පරිදි මේ යටතේ නව නීති සකස් කෙරෙනු ඇති.

ඔහු සඳහන් කළේ, පසුගිය වසර 23 ක කාලය තුළ මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වූ මූල්‍ය දූෂණ චෝදනා සම්බන්ධ නඩුවලින් වරදකරුවන් බවට ප්‍රකාශයට පත් ව ඇත්තේ විත්තිකරුවන් 4 දෙනෙකු පමණක් බව ය.

එම නීතිය ඉදිරියේදී සංශෝධනය කිරීමට අවශ්‍ය යෝජනා මේ වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එය කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »