පොලිස් පරීක්ෂකවරයෙක් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගෙන සියදිවි හානි කර ගනී (VIDEO)

2017-11-23 08:50:00       620
feature-top
මුල්ලේරියාවේදී පොලීසියට අනියුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු පෙරේදා (21) උදෑසන සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබිණි.

කෙසේවෙතත් ඔහු මෙලෙස සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැත.

කෙසේවෙතත් මේ නිලධාරියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

එමෙන්ම ඔහුගේ දරුවෙකු කිසියම් රෝගී තත්ත්වයකට ගොදුරු වී ඇති බවට තොරතුරු වාර්තා වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මුල්ලේරියාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක සරත් ප්‍රේමසිරි මහතා වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත්තේ මුල්ලේරියාව පොලිස් ස්ථානයේ පරීක්ෂක ශ්‍රේණියේ පොලිස් නිලධාරීන්ගේ නිවස තුළදීය.

පොලීසිය පැවසුවේ ඊයේ පෙරවරු 9.15ට පමණ මෙම මරණය සිදුව ඇති බවයි.

අදාළ වෙඩි තබා ගැනීම සිදුවන අවස්ථවේදී එම නිවසේ කිසිවෙකු සිට නොමැති අතර පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකු ලේ පැල්ලම් දැක මළ සිරුර සොයා ගෙන ඇති බව වාර්තා වේ.

උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරුණේ ඊයේ පස්වරුවේය.

මෙලෙස මියගිය උප පොලිස් පරීක්ෂක සරත් ප්‍රේමසිරි මහතා ඉංගිරිය, මහඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

57 වැනි වියේ පසු වූ සරත් ප්‍රේමසිරි මහතා වසර 30ක කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරියෙකි.ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව ද වසර ගණනාවක් සේවය කර ඇත.ඔහු තිදරු පියෙකි.

(under the courtesy of asianmirror.lk news web)

More News »