අධිකරණ විනිසුරුවන් 41ක් මාරු කරයි

2017-11-23 08:35:00       645
feature-top
අධිකරණ සේවා නිලධාරීන් 41 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

වාර්ෂික ස්ථානමාරුවීම් යටතේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් සහ අතිරේක මහේස්ත්‍රාත්වරුන්  41 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී ඇත.

ලබන වසරේ ජනවාරි මස පළමුවන දින සිට මෙම මාරුවීම් ක්‍රියාත්මක බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.

වාර්ෂික ස්ථානමාරුවීම් යටතේ මෙම වසරේ ජනවාරි මස පළමු වන දින ද අධිකරණ සේවා නිලධාරීන් 70 දෙනෙකුට ස්ථානමාරුවීම් හිමිවුණි.

(under the courtesy of adaderana.lk news web)

More News »